පළාත තුළ රජයේ ඉඩම් හඳුනාගැනීම සහ ඒවා සංරක්ෂණය කිරීමේ කාර්යය ඉටු කරමින් හඳුනා ගන්නා ලද රජයේ ඉඩම් වඩාත් ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා බැහැර කිරීමත්බැ, හැර කරන ලද ඉඩම් වල පසු කටයුතු සහ සංවර්ධන කටයුතු තහවුරු කිරීමත් පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබයි.
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව පළාත් සභාව වෙත පැවරී ඇති ඉඩම් බලතල ප්‍රකාරව පළාත තුළ රජයේ ඉඩම් කළමනාකරණය හා පරිපාලනය කිරීම සඳහා බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්ථාපනය කොට ඇත.
ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක තුනකින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 කින් බස්නාහිර පළාත සමන්විතය. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ඇති සියලු රජයේ ඉඩම්වල කළමනාකරණ හා පරිපාලන කටයුතු ඉඩම් සංවර්ධන ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා වෙනත් පනත් හා නීති රෙගුලාසි ප්‍රකාරව සිදු කරනු ලබයි.
දැක්ම
තිරසාර රජයේ ඉඩම් කළමනාකරණයක් - සංවර්ධිත සෞභාග්‍යමත් රටක්
මෙහෙවර
රජයේ ඉඩම් කාර්යක්ෂම සහ පාරදෘශ්‍ය ආකාරයට බැහැර කිරීම සඳහා දායක වෙමින් සහ, රජයේ ඉඩම්වල පදිංචි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින් ද, ඉඩම් සංවර්ධනය හා සංරක්ෂණය කිරීම තුළින් ද රජයේ ඉඩම් බදු ආදායම ප්‍රශස්ත අයුරින් ඉහළ නැංවීමෙන් ද, ඉඩම් කළමනාකරණයෙහි ලා නෛතික හා උපදේශනාත්මක සේවාවන් සැපයීමෙන් ද, අනාගත සංවර්ධිත රටක් වෙනුවෙන් තිරසාර ඉඩම් කළමනාකරණය සඳහා ප්‍රමුඛ දායකත්වය සැපයීම.