හැඳින්වීම

දැක්ම

තිරසාර රජයේ ඉඩම් කළමනාකරණය සඳහා වූ ප්‍රමුඛ දායකත්වය.

මෙහෙවර

රජයේ ඉඩම් බැහැර කිරීම,අධීක්ෂණය,සංරක්ෂණය, සංවර්ධනය සඳහා මූල්‍යමය,තාක්ෂණික හා නීතිමය සහාය ලබා දෙමින් තිරසාරව රජයේ ඉඩම් කළමනාකරණය කොට බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.

කාර්යයන්

  • රජයේ ඉඩම් බැහැර කිරීම සදහා කච්චේරි පැවැත්වීමට අනුමැතිය ලබා දීම.
  • රජයේ ඉඩම්වල පාංශු සංරක්ෂණ/ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ක්‍රමවේද ස්ථාපනය
  • රජයේ ඉඩම් සංවර්ධනය.
  • රජයේ ඉඩම්වල පදිංචි ජනපදවාසීන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය හා ජීවන තත්ත්වය ඉහල නැංවීමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • රජයේ ඉඩම් අධීක්ෂණය හා පසු කටයුතු.
  • මානව සම්පත් සංවර්ධනය.
  • බදු ආදායම් ලබාගැනීම හා ප්‍රවර්ධනය කිරීම.